Syndicate content

ශ්‍රී ලංකාවේ වතුකරය සඳහා වඩා හොඳ මුල් ළමාවිය රැකවරණ ක්‍ර‍මයක් හා අධ්‍යාපනයක් ඇති කිරීම

Shalika Subasinghe's picture
Also available in: English | தமிழ்
තේ, රබර් හා පොල්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වතු අංශය, රජය, ප්‍රාදේශීය වැවිලි සමාගම්, තනි පුද්ගලයින් හෝ පවුල් විසින් පාලනය කරනු ලබන හෝ හිමිකාරිත්වය දරනු ලබන්නකි.

ශ්‍රී ලාංකික ජනගහනයෙන් 4% ක් පමණ වතුකරයේ ජීවත් වෙති. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව පුරා දරිද්‍රතා අනුපාතයන් සැලකිය යුතු ලෙස ධනාත්මකව නැගෙද්දී, වතුකරයේ ජීවත්වන ජනතාව තවමත් රටේ ඉහළම දරිද්‍ර‍තාවයෙන් පෙළෙන ජනතාව අතර සිටිති.

හැටන්හි, මවුන්ට් වර්නන් වතුයායේ මැදි කලාපය තුළ මහා මාර්ගයට සමීපයෙන් ඇති පැරණි ළමා සංවර්ධන මධ්‍යස්ථානය (CDC) දරුවන්ට ඇවිද යන්නට හෝ අවකාශ රහිත, ඉතා සීමිත ඉඩකඩක පිහිටා තිබිණ.

මෑතක් වන තුරුම මෙහි පහසුකම් අලුත්වැඩියාවට ලක්ව තිබුණේ නැත.
 
මවුන්ට් වර්නන් වතුයායේ මැදි කලාපයේ ශිෂ්‍යයින්ගේ බ්‍ර‍යිට් පෙර පාසල් දරුවන් විවෘත කිරීමේ දිනයේ දී සෑම කෙනෙකුම සාදරයෙන් පිළිගැනීමට සූදානමින් සිටිති. ඡායාරූපය : ශාලිකා සුබසිංහ

ඒ, ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍ර‍හයෙන් වන ශ්‍රී ලංකාවේ මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩ පහසුකම් සහිත, නව ළමා සංවර්ධන  මධ්‍යස්ථානයක් (CDC) ඉදිවන තුරු ය.
ඉදිකිරීම් කටයුතු අවසන් කර 2017 ඔක්තෝබර් මාසයේදී එය ප්‍ර‍ජාව වෙත පිළිගන්වන ලදී.

දැන්, සෑම දිනකම දරුවන් 20 කට ආසන්න පිරිසක් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණෙති.

දරුවන්ට අලුත්ම පුටු, මේස හා සෙල්ලම් බඩු සහිත නවතම මධ්‍යස්ථානයක් හිමි වීම පිළිබඳ ළමා සංවර්ධන නිලධාරිනී කමලා දර්ශනි සතුටු වන්නී ය. විවිධ වර්ණවලට ඇලුම් කරන දරුවන් සෑම දිනකම මධ්‍යස්ථානයට පැමිණීමට උනන්දු වන බව ඇයට පෙනී ගොස් ඇත.

එක් දරුවකුගේ නැන්දණිය වන එස්. රාජේශ්වරී පවසන්නේ "නව මධ්‍යස්ථානය බොහෝ වෙනස්කම් සහිතයි. එය වාතාශ්‍ර‍ය සහිතයි වගේම ළමයින්ට සෙල්ලම් කරන්නට වැඩි ඉඩකුත් තිබෙනවා. විදුලි සහ ජල පහසුකමුත් තිබෙනවා. " යනුවෙනි.

දෙහැවිරිදි දරුවකු වූ දක්ෂිතගේ මව වන එම්. ගෞරී පවසන්නේ "කුඩා, ජලයෙන් පිරිසිදු වන, ජල මුද්‍ර‍ත වැසිකිළි දෙකක් මෙහි තිබීම අගනා දෙයක්. මගේ පුතා මෙහේ වැසිකිළිය පාවිච්චි කරන්න කැමතියි. ඒත් එක්කම පිටත සෙල්ලම් පිට්ටනියට වැටක් යොදලයි තියෙන්නේ. දැන් දක්ෂිත ආරක්ෂා සහිතව ඉන්න බවත් එයා පිටත තේ පඳුරු තියෙන පැත්තට නොයන බවත් මම දන්නවා.“ යනුවෙනි.

ශ්‍ර‍ී ලාංකික කාන්තාව තවදුරටත් පසුපස අසුන් ගත යුතුද?

Seshika Fernando's picture
Also available in: English | தமிழ்
Women in Sri Lanka routinely experience sexual harassment in the workplace. Some have been denied promotions, been paid less than their male peers, and sexually harassed at work
ශ්‍ර‍ී ලංකාවේ කාන්තාවන් නිරතුරුව රැකියා ස්ථානවලදී හිංසනයන්ට ගොදුරු වන අතර සමහර කාන්තාවන් උසස්වීම් අහිමි ව ගොස්, සිය පුරුෂ වෘත්තීය සගයින්ට වඩා අඩු වේතන ලැබී, ලිංගික හිංසනයන්ට ද ලක්ව තිබිණ.

මා සේවය කරන සමාගමෙහි දැඩි "අවහිර නොකිරීමේ" ප්‍රතිපත්තියක් පවතී. ඉන් අදහස් වන්නේ, තමන්ගේ සහෝදර සේවක-සේවිකාවන්ට හිරිහැර කිරීමට හෝ සමච්චල් කිරීමට කිසිවකුට ඉඩක් නොමැති බවයි. අපගේ සේවකයින් එකිනෙකාගේ පෞද්ගලික අවකාශයන් ආක්‍රමණය නොකරන අතර අනාරාධිත පෞද්ගලික සම්බන්ධතා ඇති කරගැනීමට උත්සුක නොවේ. ශ්‍ර‍ී ලංකාවේ කාන්තාවන් නිරතුරුව රැකියා ස්ථානවලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වන නමුත් මෙවැනි ප්‍රතිපත්ති අනුග්‍රහය දක්වන්නේ එක් පාර්ශවයකට පමණක් නොවේ. පුරුෂ පාර්ශවයද මෙහි ප්‍ර‍තිලාභ භුක්ති විඳිති.

අවාසනාවකට මෙන්, මගේ සමාගමේ ප්‍රතිපත්තිය නීතියක් නොව ව්‍යතිරේකයකි. මෑතකදී මට මෙරට කාන්තා ඉංජිනේරුවන් හමුවී ඔවුන්ගේ අත්දැකීම් විමසන්නට අවස්ථාවක් ලැබුණි. එක් තැනැත්තියක් මට කීවේ ඇයගේ රැකියාව කෙතරම් අභියෝගයට ලක් වන්නේ ද යන්න ය. ඇයගේ පුරුෂ වෘත්තීය සගයින් ඇයට ගරු කරන්නට හෝ ඇයගේ මග පෙන්වීම් පිළිගන්නට කැමැත්ත පළ කොට තිබුණේ නැත. අනෙකුත් කාන්තාවන් උසස්වීම් අහිමි ව ගොස්, සිය පුරුෂ වෘත්තීය සගයින්ට වඩා අඩු වේතන ලැබී, ලිංගික හිංසනයන්ට ද ලක්ව තිබිණ.
 

Sheshika Fernando addressing the gathering at an international conference
මම නිතරම ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවලදී මගේ සමාගම නියෝජනය කරන්නෙමි. සෑම විටම පාහේ ප්‍රේක්ෂාගාරය පිරී පවතින්නේ පුරුෂයින්ගෙනි. නමුත් මම මගේ කතාව ඉදිරිපත් කරන විට, එය ස්ත්‍රී කේන්ද්‍රීය වේදිකාවකි.

ම‍ෙය ශ්‍රී ලාංකික කාන්තාවට “දියුණුව පි‍ණිස වැඩ කිරීමට“ කාලයයි.

Idah Z. Pswarayi-Riddihough's picture
Also available in: English | தமிழ்
 
Starting today, March 8, we at the World Bank are embarking on a year-long effort to rally the government, our development partners, the private sector and the public to see how we can really deliver results for Sri Lanka’s women.
මාර්තු 8වන දින, එනම් අද දින පටන් ලෝක බැංකු වේ අප සැම රජය, අපගේ සංවර්ධන හවුල්කරුවන්, පුද්ගලික අංශය සහ මහජනතාව හා එක්ව, වසරක් මුළුල්ලේ කර්තව්‍යයන් ප‍ෙළ ගස්වමින් ශ්‍රී ලාංකීය කාන්තාව වෙත සැබැවින්ම ප්‍ර‍තිඵල හිමිකර ද‍ෙන්නේ ක‍ෙසේ දැයි විමසා බලන්න‍ෙමු.  

ජාත්‍යන්තර කාන්තා දිනය සෑම කලකම මාගේ දින දසුන‍ෙහි සුවිශේෂී සලකුණකි. ම‍ෙවර එහි තේමාව වන ‘#දියුණුව පිණිස වැඩ කරමු’ යන්න උද්යෝගය දනවන්නක් නොවේ ද?
මාර්තු 8වන දින, එනම් අද දින පටන් අප ලෝක බැංකුව‍ මගින් සමාරම්භය ලබන මෙම වැඩසටහන, රජය, අපගේ සංවර්ධන හවුල්කරුවන්, පුද්ගලික අංශය සහ මහජනතාව හා එක්ව, වසරක් මුළුල්ලේ කර්තව්‍යයන් ප‍ෙළ ගස්වමින් ශ්‍රී ලාංකීය කාන්තාව වෙත සැබැවින්ම ප්‍ර‍තිඵල හිමිකර ද‍ෙන්නේ ක‍ෙසේ දැයි විමසා බලන්න‍ෙමු.

කඩිනම් අවශ්‍යතාවය කුමක් ද?

සරලව ගත් කල, සේවා නියුක්තික කාන්තාවන් අංශයෙන් ශ්‍රී ලංකාව ගමන් කරන්නේ එහි සංවර්ධන කලාපයේ අන‍ෙකුත් රටවලට පසුපසිණි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් අතුරින් 214,298 ප්‍ර‍මාණයක් විරැකියාව‍ෙන් පසුවන බව ඔබ දන්නවා ද? පසුගිය දශක දෙක මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍ර‍ම බලකා සහභාගීත්වය සියයට තිස් ගණන්වල පවතින්නේ ගණනය කර ඇති “ආර්ථික වශයෙන් අක්‍රීය“ මිලියන 7.3ක ජන සංඛ්‍යාවක් අතුරින් 73.8% ප්‍ර‍මාණයක් කාන්තාවන් බව වාර්තා වන පසුබිමක ය. පුරුෂයන් විෂයෙයහි එය යන්තමින් 26.2%ක අගයකි.

ඕනෑම එක් අමාත්‍යංශයකට, සංවර්ධන හවුල්කරුවකුට හෝ කලාපීය කාර්යාලයකට මෙය අභිමුඛ විය නොහැකි අභියෝගයක් බවට අටුවා ටීකා අනවශ්‍ය ය.

නමුත් ශ්‍රී ලාංකික කාන්තාවන් සේවයට එක් විය යුත්තේ ඇයි?

ඒ රටෙහි සෞභාග්‍යය ඒ මත පදනම් වන නිසා ය. ශ්‍රී ලංකාව පොහොසත් වීමට ප්‍ර‍ථමය‍ෙන් වියපත් වන රටකි. නිසි ශ්‍ර‍ම බලකායක් නොමැතිව රටට තරඟකාරී විය නොහැකි අතරම අපේක්ෂිත ආදායම ජනනය කිරීමට අවශ්‍ය මූලික සේවාවන් ලබා දීමට ද නොහැකි ය.

එසේ නම් ගැටළු වනුයේ, ශ්‍රී ලාංකික කාන්තාවන්ට ව‍ෙනසක් ළඟා කරලනු පිණිස කුමක් අවශ්‍ය වේ ද? අභියෝගයන් කවරේ ද? කාන්තාවන්ට ප්‍ර‍තිලාභ හිමි වන අන්දමේ ව‍ෙනසකට ශක්තියක් වීමට හැකියාව සහිතව උද්යෝගීමත්ව සිටින්නන්ට අපගේ සහය ලබා දිය හැක්කේ ක‍ෙසේ ද?

ලෝක බැංකුව, රජය, පුද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන්, සහ ශ්‍රී ලාංකික පුරවැසියන් සමග අත්වැල් බැඳ ගනිමින් මිහිපිට සත්‍යයට ආමන්ත්‍ර‍ණය ක‍ෙර‍ෙන සැබෑ ප්‍රාරම්භයන්ට සහය වීමට සූදානමින් පසු වෙයි. අපි පුළුල් ලෙස උපදෙස් සැපයීමට බලාපොරොත්තු වෙමු.

ඉතින්, වැදගත් දැනුම් දීම් කිහිපයකින් පටන් ගනිමු. අපට ඔබග‍ෙන් ඉගනගැනීමට අවශ්‍යව ඇත. කියන්න, අප ආරම්භ කළ යුත්තේ කොතැනින් ද සහ කවර සුවිශේෂී  කරුණු කෙරෙහි අවධානයක් යොමු කළ යුතු ද කියා. ඔබට ඇති අභියෝග මෙන්ම ඔබව වැඩි වශයෙන්ම දිරි ගැන්වූයේ කවුරුන් ද යන්නත් අපට දැන ගැනීමට අවශ්‍යව ඇත.
 

ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන යෙදෙන්නන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම

Dinesha Nilakshi Samaranayake's picture

පසුගිය සැප්තැම්බර් මස 28 වෙනිදා ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. විශ්වයේම තොරතුරු ඇසුරු සැණකින් අතේ තිබෙන ජංගම දුරකථනය හරහා ලබාගත හැකි යුගයක තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න වෙනම දිනයක් අවශ්‍ය දැයි ඔබට සිතෙන්නටත් පුළුවන්. නමුත් දිනපතා සිය භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට පොර බදන කුඩා හෝ මධ්‍ය පරිමාණ වෙළඳ  මහතකුගෙන් මේ ගැන විමසුවොත්, සමහර විට ඔබේ එම අදහස වෙනස් වේවි .



කොළඹ, ගාලු පාරේ, සිය කාර්යාලයේ සිට ආනයන-අපනයන වෙළඳාම පවත්වාගෙන යන චමිල් පෙරේරාට තමන්ගේ ආනයන භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය ප්‍ර‍තිවාදියෙකු සමඟ පොර බැදීමකට දෙවැනි නැහැ. චමිල් වගේ බොහෝ පිරිස් තමන්ගේ වෙළඳාම් කටයුතු හරහා රටට ආදායමක් උපදවා දෙන අතරම නව රැකියා අවස්ථා උත්පාදනයටත් දායකත්වය ලබා දෙනවා. නමුත් ඉහත කී ක්‍රියාවලියේ දී රේගු කටයුතු ගැන හරි තොරතුරු ලබා ගැනීමට තිබෙන නොහැකියාව වගේම ක්‍රියාවලියේ ඇති සංකීර්ණ බව නිසා විශාල ලෙස කාලය හා මුදල් නාස්ති වීමකට ඔවුන් මුහුණ දෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍ර‍ගතිය පිළිබඳ හැරී බලමු

Idah Z. Pswarayi-Riddihough's picture
Also available in: English | தமிழ்

මෑතකදී  නිමාව දුටු ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බව ඇතැමෙක් සිතන්නට ඉඩ ඇත. රූපවාහිනිය හා සමාජ මාධ්‍ය තුළ ද, මා ද ඇතුළු අපගේ කාර්යල සගයන් අතර අපගේ කාර්යාලයේ දී ද මේ ගැන ඇති වූ දැඩි විවාද පැහැදිලිවම යෝජනා කළේ ඔවුන්ගේ තරගකාරී බව ගැන සැවොම සතුටු නොවන බවයි. මේ විවිධ වාද විවාද අතරතුර, ලෝකයේ විවිධ කලාපවලින් පැමිණි මාගේ වෘත්තීය සගයින් සහ මිතුරු මිතුරියන් උණුසුම් ලෙස ජයඝෝෂා නගන අයුරුත්, තරග සමාලෝචනය කරන අයුරුත්, එකිනෙකට ප්‍ර‍තිවිරුද්ධ කණ්ඩායම්වලට සහයෝගය දක්වන අයුරුත්, ක්‍රීඩාව කෙරෙහි බලපාන දේශපාලනය ගැන විමසා බලන අයුරුත් සමග ජයග්‍රාහකයින් හා පරාජිතයින් පිළිබඳ පූර්ව විනිශ්චයන් ලබා දෙන අයුරුත් මම දුටුවෙමි. මෙහි ප්‍ර‍ධානතම කරුණ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් වර්ගීකරණයේ අටවන ස්ථානයේ රැඳී සිටීමට සෙසු රටවල් සමග තරග වැදිය යුතුව තිබීමයි. ආර්ථික වර්ධනය සිදුවන ආකාරය ද විවිධ මතවාදවලට ලක් වෙමින් මෙම ක්‍රිකට් සම්බන්ධ උදාහරණය සමග හොඳින් ගැලපෙයි. අපි ඒ සිතුවිල්ල පිළිබඳ සාකච්ඡා කරමු.

පුවත්පත්වල නොඑසේනම් අන්තර්ජාලයේ සංසරණය වන බොහෝ ප්‍ර‍වෘත්තිමය ලිපි කියවීමෙන්, නොඑසේනම් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුරවැසියන්ගේ අදහස් විමසා බැලීමෙන් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සිදුවන ආකාරය පිළිබඳ සියල්ලන්ම එකඟ වන අදහසක් දක්නට නොමැති බවයි. සංවර්ධිත රටවල් සළකා බලන විට ඉහළ වර්ධන වේගයක් වන 4.4%, සංවර්ධනය වෙමින් පවතින හා ශ්‍රී ලංකාවේ හැකියාවන් මට්ටමෙන් ගත් කළ පහළ අගයක් ලෙස ඇතැමුන් තර්ක කරයි. මේ අතර සමහරෙක් ‘ ඇත්තටම වර්ධනය වෙනවාම දැයි‘අසති! මෙහි ප්‍ර‍තිඵලය වී ඇත්තේ සෑමදෙනාටම කුමන හෝ ආකාරයකින් වැදගත් වන ගැටළුවක් ගැන අපැහැදිලි චිත්‍ර‍යක් නිර්මාණය වී තිබීමයි.

වසරකට දෙවරක් ලෝක බැංකුව දිවයිනෙහි ආර්ථික පසුබිම පිළිබඳ දත්ත සහ විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කුමක් ද? ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සිදු කළ යුත්තේ මොනවා ද? ඒ සඳහා සහාය වීමට පුරවැසියන් සිදු කළ යුත්තේ කුමක් ද?  වැනි ගැටළුවලට පිළිතුරු දීමට එහිදී අපි උත්සාහ දරමු. ක්‍රිකට් ක්‍රීඩාව අනුව අතිදක්ෂ ක්‍රීඩකයකුට වුව කිසිවකුගේ දිරිගැන්වීමක් නොලැබේ නම්, ඔහුගේ උනන්දුව හීන වී ගොස් ඔහු අසාර්ථක වන බව අපි දනිමු. එවැනි තත්වයක් අවසානයේ ක්‍රීඩාව පිළිබඳ උද්යෝගයද වියැකී ගොස් කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීමට ද හේතු විය හැක. දෙපාර්ශවයම කුමක්, කෙසේ, කා විසින් දිනාගත යුතු දැයි වටහාගත යුතු අතර තරගයකදී කණ්ඩායමක් සාර්ථක නොවූ විට තරගයේ කුමන අංශය වෙනස් කළ යුතු දැයි පැහැදිලි කරගත යුතු ය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවේ දැවැන්තයෙක් බවට පත්වූයේ එපරිද්දෙනි.  

සෑම දිනයක්ම පරිසර දිනයක් විය යුත්තේ ඇයි?

Idah Z. Pswarayi-Riddihough's picture
Also available in: English | தமிழ்

පරිසර කළමනාකරණය යන්න ක‍ෙතරම් අසීරු දෙයක්දැයි පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකාව ලද අත්දැකීම් තුළින්ම ‍පැහැදිලි විය. නියඟය, නාය යෑම්, කසල කඳු කඩා වැටීම්, මහා ගංවතුර ආදී විවිධාකාර සිදුවීම්වලට අප මුහුණ දුන් අතර විපතට පත් නොවූවන්ගේ අවධානය දිනා ගැනීම‍ෙන් තොරව ම එ්වා යටපත්ව ගියේ ය. සෑම අවස්ථාවකම සිදුවූ පරිදි, ජීවිත හා දේපළ හානි, දෛනික ක්‍රියාවලියට සිදු වූ බලපෑම් ආදිය විසින් මානසිකව හා ආධ්‍යාත්මිකව ක්‍ර‍මක්‍ර‍මය‍ෙන් ජීවත් වීමට අපහසු මන්දගාමී තත්ත්වයකට අප ඇද දමනු ලැබී ය.

එසේ නම්, මේ තිරසාර පාරිසරක කළමණාකරණයට අප එක් දිනයකදී පමණක් සිත් යොමන්නේ ඇයි?    සාමාන්‍යය‍ෙන් අප පරිසර දිනය සමරන්නේ නගරය වටා, ගං ඉවුරක හෝ මුහුදු ව‍ෙරළක කසළ එකතු කිරීම, නොඑසේනම් පාගමනකට හෝ එවන් ව‍ෙනත් වැඩසටහනකට සහභාගී වීම මගිනි. උනන්දුව අහවරවත්ම, “වඩාත් දැවෙන ප්‍ර‍ශ්න“ වෙනුවෙන් පසුදා උදයේම සැවොම පිය ඔසවන අතර සුපුරුදු අනෙකා මත වරද පැටවීමේ ක්‍රීඩාව ද ආරම්භ වේ.     
 

Photo Credit: Mokshana Wijeyeratne

මෙහිදී පහත ප්‍ර‍ධාන කරුණ තහවුරු කරන්නට කැමැත්තෙමි. ඒ නම්, අප සියල්ලන්ම අර්බුදයේත් විසඳුමේත් කොටස්කරුවන් බව වටහා ගන්නා තුරු කිසිවක් ව‍ෙනස් නොවනු ඇති බව ය. ම‍ෙවන් බොහෝ අර්බුදවලදී , ව‍ෙනසක් සිදු කිරීමේ හැකියාව ඇත්තේ, දිනපතාම, අපටම ය!