Syndicate content

ශ්‍රී ලංකාවේ වතුකරය සඳහා වඩා හොඳ මුල් ළමාවිය රැකවරණ ක්‍ර‍මයක් හා අධ්‍යාපනයක් ඇති කිරීම

Shalika Subasinghe's picture
Also available in: English | தமிழ்
තේ, රබර් හා පොල්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වතු අංශය, රජය, ප්‍රාදේශීය වැවිලි සමාගම්, තනි පුද්ගලයින් හෝ පවුල් විසින් පාලනය කරනු ලබන හෝ හිමිකාරිත්වය දරනු ලබන්නකි.

ශ්‍රී ලාංකික ජනගහනයෙන් 4% ක් පමණ වතුකරයේ ජීවත් වෙති. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව පුරා දරිද්‍රතා අනුපාතයන් සැලකිය යුතු ලෙස ධනාත්මකව නැගෙද්දී, වතුකරයේ ජීවත්වන ජනතාව තවමත් රටේ ඉහළම දරිද්‍ර‍තාවයෙන් පෙළෙන ජනතාව අතර සිටිති.

හැටන්හි, මවුන්ට් වර්නන් වතුයායේ මැදි කලාපය තුළ මහා මාර්ගයට සමීපයෙන් ඇති පැරණි ළමා සංවර්ධන මධ්‍යස්ථානය (CDC) දරුවන්ට ඇවිද යන්නට හෝ අවකාශ රහිත, ඉතා සීමිත ඉඩකඩක පිහිටා තිබිණ.

මෑතක් වන තුරුම මෙහි පහසුකම් අලුත්වැඩියාවට ලක්ව තිබුණේ නැත.
 
මවුන්ට් වර්නන් වතුයායේ මැදි කලාපයේ ශිෂ්‍යයින්ගේ බ්‍ර‍යිට් පෙර පාසල් දරුවන් විවෘත කිරීමේ දිනයේ දී සෑම කෙනෙකුම සාදරයෙන් පිළිගැනීමට සූදානමින් සිටිති. ඡායාරූපය : ශාලිකා සුබසිංහ

ඒ, ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍ර‍හයෙන් වන ශ්‍රී ලංකාවේ මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩ පහසුකම් සහිත, නව ළමා සංවර්ධන  මධ්‍යස්ථානයක් (CDC) ඉදිවන තුරු ය.
ඉදිකිරීම් කටයුතු අවසන් කර 2017 ඔක්තෝබර් මාසයේදී එය ප්‍ර‍ජාව වෙත පිළිගන්වන ලදී.

දැන්, සෑම දිනකම දරුවන් 20 කට ආසන්න පිරිසක් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණෙති.

දරුවන්ට අලුත්ම පුටු, මේස හා සෙල්ලම් බඩු සහිත නවතම මධ්‍යස්ථානයක් හිමි වීම පිළිබඳ ළමා සංවර්ධන නිලධාරිනී කමලා දර්ශනි සතුටු වන්නී ය. විවිධ වර්ණවලට ඇලුම් කරන දරුවන් සෑම දිනකම මධ්‍යස්ථානයට පැමිණීමට උනන්දු වන බව ඇයට පෙනී ගොස් ඇත.

එක් දරුවකුගේ නැන්දණිය වන එස්. රාජේශ්වරී පවසන්නේ "නව මධ්‍යස්ථානය බොහෝ වෙනස්කම් සහිතයි. එය වාතාශ්‍ර‍ය සහිතයි වගේම ළමයින්ට සෙල්ලම් කරන්නට වැඩි ඉඩකුත් තිබෙනවා. විදුලි සහ ජල පහසුකමුත් තිබෙනවා. " යනුවෙනි.

දෙහැවිරිදි දරුවකු වූ දක්ෂිතගේ මව වන එම්. ගෞරී පවසන්නේ "කුඩා, ජලයෙන් පිරිසිදු වන, ජල මුද්‍ර‍ත වැසිකිළි දෙකක් මෙහි තිබීම අගනා දෙයක්. මගේ පුතා මෙහේ වැසිකිළිය පාවිච්චි කරන්න කැමතියි. ඒත් එක්කම පිටත සෙල්ලම් පිට්ටනියට වැටක් යොදලයි තියෙන්නේ. දැන් දක්ෂිත ආරක්ෂා සහිතව ඉන්න බවත් එයා පිටත තේ පඳුරු තියෙන පැත්තට නොයන බවත් මම දන්නවා.“ යනුවෙනි.

මෙහි ළදරුවන්ට කිරි දීම සඳහා වෙන් කළ පෝෂණ පෙදෙසක් වන අතර දෙමළ සහ සිංහල භාෂා දෙවර්ගයෙන්ම ලියැවුණු, කිරිපිටිවලට වඩා ඉහළ මව්කිරෙහි වන අගය කියැවෙන විශාල පෝස්ටර දෙකක් ද වේ.

2010 වසරේදී කමලා විසින් සිය ළමා සංවර්ධන ඩිප්ලෝමාව සම්පූර්ණ කෙරුණු අතර මේ වසරේදී දැනුම නවීකරණ පාඨමාලාවක් හැදෑරීමට ඇය අපේක්ෂා කරයි.

සහකාර ළමා සංවර්ධන නිලධාරිනී ලෙස කටයුතු කරන යමුනා, වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) විසින් පිරිනමන ළමා සංවර්ධන ඩිප්ලෝමාව හදාරමින් සිටියි.

මෙම පාඨමාලාව දරුවන්ව වඩා හොඳින් තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය උත්තේජනය කිරීමට සහාය වන නව ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීමටත් උපකාර වී ඇත.

මෙම ව්‍යාපෘතිය, තම දරුවාට උපරිම වර්ධනය හා සංවර්ධනය ලබා ගැනීම සඳහා සහාය දැක්විය හැකි ආකාරය පිළිබඳ දෙමාපියන්ට අවබෝධය ලබා දෙන, දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට අනුග්‍රහය දක්වයි.

දෙමාපියන්ගේ කමිටුව මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඒ සියල්ලෝම රැකියාවල නිරත වෙති. මධ්‍යස්ථානයට අදාල ගැටළු සාකච්ඡා කිරීම සඳහා සතියකට වරක් කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර දෙමසකට වරක් සියලු දෙමව්පියෝ රැස්ව, දරුවන්ගේ පැමිණීම, පෝෂණය සහ විශේෂ අවශ්‍යතාවන් පිළිබඳ සාකච්ඡා කරති.
 

මවුන්ට් වර්නන් වතුයායේ මැදි කලාපයේ  ළමා සංවර්ධන නිලධාරිනිය, බ්‍ර‍යිට් පෙර පාසලේ දරුවන් සමග ස්වභාවික පරිසරයෙන් සොයාගත හැකි මල් සහ වෙනත් ස්වභාවික ද්‍ර‍ව්‍යවලින් ක්‍රියාකාරකමකට එක්ව සිටියි. ඡායාරූපය : ශාලිකා සුබසිංහ

දෙමව්පිය කමිටුව විසින් රු. 200 / - ක පමණ (ඇමරිකානු ඩොලර් 1.30 පමණ) බැගින් රැස් කොට සාදන ලද අරමුදලක් පවත්වාගෙන යනු ලබයි. දෙමව්පියන් විසින් පත් කරන ලද භාණ්ඩාගාරිකවරයෙකු විසින් අරමුදල මෙහෙයවන අතර දරුවන්ට ආහාර ලබා දීමට ඒ මුදල් වැය කරනු ලබයි. මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කිරීමට දෙමව්පියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කටයුතු කරයි.
 
ශ්‍රී ලංකාව මුල් ළමාවිය අධ්‍යාපනයට වැය කරන්නේ ගෝලීය සාමාන්‍යයට වඩා අඩු අගයකි.

2014 දී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වන රාජ්‍ය වියදමෙන් අධ්‍යාපනය සඳහා දකුණු ආසියාවේ අඩුම ප්‍රතිශතය වැය කරන රාජ්‍යය වන බවත්, එයින් ද, මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ එහි වියදම ගෝලීය සාමාන්‍යයට වඩා සැළකිය යුතු ලෙස පහළ මට්ටමක වන බවත් ය.

පෙර පාසල්වලින් 60% ක් පමණ පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන අතර වෙනත් සංවිධාන සහ ආගමික ආයතන විසින් සියයට 24% ක් පවත්වාගෙන යනු ලැබෙති.

මුල් ළමා විය සංවර්ධන සේවාවන් වෙත පිවිසීමේ ප්‍රධානතම සාධක ලෙස ආදායම් සහ කලාපය හඳුනාගෙන ඇත.

ජනගහනයෙන් පොහොසත්ම  20%ක පිරිසෙහි දරුවන්ගේ පෙරපාසැල් ලියාපදිංචි අගය, දරිද්‍රතාවයෙන් පෙළෙන  20%ක පිරිසකගේ දරුවන්ට වඩා 17% කින් ඉහළ ය. නාගරික ප්‍රදේශයන්හි ලියාපදිංචි වීමේ අනුපාතය ග්‍රාමීය හෝ වතු ආශ්‍රිත ප්‍රදේශවලට වඩා 10% කින් ඉහළ ය.

මුල් ළමාවිය රැකවරණය හා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා මාවත්

ලෝක බැංකුව විසින් අරමුදල් සපයන ලද  මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මුල් ළමාවිය රැකවරණය හා අධ්‍යාපනය වැඩිදියුණු කරනු පිණිස ශ්‍රී ලංකා රජය කැපවී සිටී.

2021 දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාශයේ මෙහෙයවීම යටතේ, දරිද්‍ර‍තාවයෙන් පෙළෙන, දුරස්ථ සහ/හෝ අඩු අවධානයක් සහිත ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් සියළුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලට සහාය වනු ඇත.

වැවිලි ආශ්‍රිත හෝ රටේ සෙසු ප්‍රදේශවල වුව, අවශ්‍යතාවන් අතිමහත් ය.

මෙම ව්‍යාපෘතිය, මවුන්ට් වර්නන් වතුයායේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයෙහි සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත වඩා හොඳ මුල් ළමා ආරක්ෂාව හා සංවර්ධන අවස්ථා පිළිබඳ බලාපොරොත්තු ගෙන එනු ලැබිණ.

දැන් සෑම දරුවෙක්ම මධ්‍යස්ථානයට නිරතුරුව පැමිණෙනු ඇතැයි හා අනුතුරුව පාසලේ ප්‍ර‍ථමික අංශයට ඇතුළු වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.
 

Add new comment