ශ්‍ර‍ී ලාංකික කාන්තාව තවදුරටත් පසුපස අසුන් ගත යුතුද?

This page in:
Women-dont-ever-have-to-take-a-back-seat-to-men-a-sri-lankan-perspective
ශ්‍ර‍ී ලංකාවේ කාන්තාවන් නිරතුරුව රැකියා ස්ථානවලදී හිංසනයන්ට ගොදුරු වන අතර සමහර කාන්තාවන් උසස්වීම් අහිමි ව ගොස්, සිය පුරුෂ වෘත්තීය සගයින්ට වඩා අඩු වේතන ලැබී, ලිංගික හිංසනයන්ට ද ලක්ව තිබිණ.

මා සේවය කරන සමාගමෙහි දැඩි "අවහිර නොකිරීමේ" ප්‍රතිපත්තියක් පවතී. ඉන් අදහස් වන්නේ, තමන්ගේ සහෝදර සේවක-සේවිකාවන්ට හිරිහැර කිරීමට හෝ සමච්චල් කිරීමට කිසිවකුට ඉඩක් නොමැති බවයි. අපගේ සේවකයින් එකිනෙකාගේ පෞද්ගලික අවකාශයන් ආක්‍රමණය නොකරන අතර අනාරාධිත පෞද්ගලික සම්බන්ධතා ඇති කරගැනීමට උත්සුක නොවේ. ශ්‍ර‍ී ලංකාවේ කාන්තාවන් නිරතුරුව රැකියා ස්ථානවලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වන නමුත් මෙවැනි ප්‍රතිපත්ති අනුග්‍රහය දක්වන්නේ එක් පාර්ශවයකට පමණක් නොවේ. පුරුෂ පාර්ශවයද මෙහි ප්‍ර‍තිලාභ භුක්ති විඳිති.

අවාසනාවකට මෙන්, මගේ සමාගමේ ප්‍රතිපත්තිය නීතියක් නොව ව්‍යතිරේකයකි. මෑතකදී මට මෙරට කාන්තා ඉංජිනේරුවන් හමුවී ඔවුන්ගේ අත්දැකීම් විමසන්නට අවස්ථාවක් ලැබුණි. එක් තැනැත්තියක් මට කීවේ ඇයගේ රැකියාව කෙතරම් අභියෝගයට ලක් වන්නේ ද යන්න ය. ඇයගේ පුරුෂ වෘත්තීය සගයින් ඇයට ගරු කරන්නට හෝ ඇයගේ මග පෙන්වීම් පිළිගන්නට කැමැත්ත පළ කොට තිබුණේ නැත. අනෙකුත් කාන්තාවන් උසස්වීම් අහිමි ව ගොස්, සිය පුරුෂ වෘත්තීය සගයින්ට වඩා අඩු වේතන ලැබී, ලිංගික හිංසනයන්ට ද ලක්ව තිබිණ.
 

Sheshika Fernando addressing the gathering at an international conference
මම නිතරම ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවලදී මගේ සමාගම නියෝජනය කරන්නෙමි. සෑම විටම පාහේ ප්‍රේක්ෂාගාරය පිරී පවතින්නේ පුරුෂයින්ගෙනි. නමුත් මම මගේ කතාව ඉදිරිපත් කරන විට, එය ස්ත්‍රී කේන්ද්‍රීය වේදිකාවකි.

ඇතැම් විට මෙය වඩා සියුම් ලෙස සිදු වන්නකි. මා සේවය කොට ඇති සෑම ආයතනයකම, කාන්තාව උන්නේ සුළුතර පක්ෂයේ ය. ඔවුන්ට සිය පුරුෂ වෘත්තීය සගයින්ට සමාන වෘත්තීය අවැසියාවන් නොවූ අතර ඔවුන් සමාජශීලී වූයේ ද නැත. ‘පුරුෂ භාෂා‘ කලාප තුළ ඔවුහු කිසි විටෙකත් පහසුවෙන් කටයුතු නොකළ හ.  එවැනි සමාජ පරිසරයන් තුළ සිදු කෙරෙන වෘත්තීය සාකච්ඡාවලදී ස්ත්‍රී  අදහස් පහසුවෙන්ම මග හැරී යා හැකිය. එසේ සිදුවීම සෑමවිටම එම ආයතනයටත් සහ රටටත් විශාල පාඩුවකි.

අනෙත් අතට, මෙහි ප්‍රතිවිරුද්ධ අවස්ථාවන්හිදී - සෑම කෙනෙකුගේම දායකත්වය ඇගයීමෙන් හා මනුෂ්‍යත්වයට ගෞරව දැක්වීමෙන් අපට ඉමහත් ප්‍රයෝජන හිමි වනු ඇත.

නිදසුනක් ලෙස, මගේ වෘත්තියෙහි එක් කාර්යභාරයක් වන්නේ ගෝලීය බැංකු සහ මූල්‍ය ආයතනවලට සාර්ථක මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම සහ ලබා දීම සඳහා, බහුවිධ - හරස්, කාර්යබද්ධ කණ්ඩායම් කළමනාකරණය කිරීමයි. අපගේ කණ්ඩායම විවිධාකාර අයවළුන්ගෙන් සමන්විත වත්ම අපගේ නිෂ්පාදනයට වඩා ගුණාත්මක වන බව අපි දුටු‍වෙමු. ඉන් අදහස් වන්නේ අප වෙත විවිධ ජනවර්ගවල සහ පසුබිම්වල වන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම වන බවයි.

අහම්බයකින් මෙන්, මගේ කණ්ඩායමෙහි ස්ත්‍රීන් වැඩි දෙනකු වන අතර, ඔවුන් සිය පුරුෂ වෘත්තීය සගයන්ට වඩා වෙනස් අයුරකින් විවිධ ගැටළු නිරාකරණය කරන බව පැහැදිලි විය. එක්ව වැඩ කරමින්, ඔවුන් අද්විතීය විසඳුම් සහ වඩා පරිශීලක-හිතකාමී දෑ ගෙනවිත් තිබිණ.

මෙම විවිධාකාර දෘෂ්ටිකෝණයන් පැවතීමේ වැදගත්කම නම් අප දිනෙන් දින විවිධාංගීකරණයට ලක් වන වෙළඳපොළකට ආමන්ත්‍ර‍ණය කළ යුතු වීමයි. එම නිසාය අප වෙත ව්‍යායාම ශාලාවක් මතු නොව පුහුණු වැඩසටහන් ද ඇත්තේ. එම නිසාය අප නිතරම ලිංගික හිංසන විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්නේ. සැබවින්ම ආරක්ෂිත සහ ආධාරක සේවා වටපිටාවක් සැපයීම පිණිස වන අපගේ සමාගමේ කීර්ති නාමයෙන් අදහස් කෙරෙන්නේ අප වඩාත් දක්ෂ හා අත්දැකීම් සහිත පුද්ගලයන් මෙහි සේවය සඳහා ආකර්ෂණය කර ගන්නා බවයි. අවසාන වශයෙන්, වෘත්තීයමය වශයෙන් විවිධත්වයක් ඇති කිරීම යනු ලේඛණවල කොටු ලකුණු කිරීම හෝ අනවරත තත්වයන් පෙන්වීම නොව - අපට හැකි හොඳම නිෂ්පාදන නිර්මාණය කිරීමයි. එබැවින් සමාගම් යට කී තත්ව පිළිබිඹු වන පරිදි සිය ප්‍රතිපත්ති වෙනස් කළ යුතුය.

මම ගැබ්ගත් පසුවත්, පසුව මගේ පුතු ඉපදුණු පසුවත්, සහාය දක්වන සුළු වූ සමාගම් ප්‍රතිපත්තිය නිසා නිවසේ සිට නම්‍යශීලී කාර්යාල පැයවලින් සේවය කිරීමට මාහට ඉඩ ලැබිණ. මගේ සැමියාට ද ඒ අවසරය ලැබුණේ සමානත්මතාවයේ අනෙත් අර්ධය සම්පූර්ණ කරමිනි.

නිවස කළමණාකරණය කරමින් සහ දරුවන් රැක බලාගනිමින් රැකියාව කරන කාන්තාවන් සැබවින්ම සිදු කරන්නේ අරගලයකි. අපි පළමුව විවාහ වූ පසු, සුරේන් සහ මම ගෙදර වැඩ කටයුතු 50-50 ලෙස බෙදාගනු ලැබුවෙමු. අපේ පුතා ඉපදුණු පසු දරුවා රැකබලාගැනීම ද 50-50 ලෙස විය. අපි වගකීම් බෙදාහදා ගත්තෙමු. අපි දෙදෙනාම විවාහයේ පටන්ම සමානයන් වූ අතර අපේ වෘත්තීන්ට ද වූයේ සමාන අගයකි. කිසිවිටෙක අප එක් අයෙකුගේ වෘත්තියක් පමණක් ප්‍ර‍මුඛ කොට සැලකුවේ නැත.

මගේ පුතු ද සමාන ලෙස වැඩෙමින් මෙවැනි සමානාත්මතා සහිත විවාහයක් ගැන සිතනු නම් මම සතුටු වෙමි. එය මා ද හැදී වැඩුණු පසුබිම විය. මගේ නිවසේදී මගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම රැකියාවල නිරත වූ අතර ඔවුන්ගේ රැකියාවන් දෙකම එක සමාන වැදගත්කමකින් සැලකිණ. මගේ සහෝදරයාටත් මටත් අපේ කැමැත්ත මත අපේම අවැසියාවන් සෙවීමට ඉඩ ලැබුණු අතර මම දැරියක නිසාම මට යමක් කළ නොහැකි බව මගේ දෙමව්පියන් මට කිසිවිට කියා නැත. ගණිතය ඉගැනීමේ දී මට ගුරුහරුකම් දුන් වැඩි පිරිසක් (කාන්තාවන්) ගුරුවරියන් වූ අතර ඔවුහු STEM විෂයයන් (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත විෂයයන්)  අධ්‍යයනය කිරීමට ද මා දිරිමත් කළ හ. කිසිවෙකු මා ඉංජිනේරුවරියක විය යුතු යැයි බල නොකළ අතරම මාහට කිසිදු බාධාවක් ද නොකළේ විය.

කාන්තාවන්ගේ කටයුතු යැයි අප සලකන දේවල සැබෑ වෙනසක් සිදුවිය යුතුය. අපේ දූවරුන්ට තම මනස ඉල්ලා සිටින, හැකි සෑම දෙයක්ම කළ හැකි බව කියා දෙමින් ද, ඔවුන්ගේ මව්වරුන් හා පියවරුන් ලෙස පවුල වෙත සැලකිල්ල දක්වමින් සමබර ලෙස කටයුතු කිරීම මගින් අපට මෙය නිවසේ සිටම ආරම්භ කළ හැකිය. ආරක්ෂිත සහ සහයෝගාත්මක වැඩ කරන පරිසරයක් සැමට ලැබිය යුතු බව හඳුනා ගැනීමෙන් මෙය සේවාස්ථානය හරහා ද අපට වර්ධනය කරමින් පවත්වාගෙන යා හැකිය. මෙම අයිතිවාසිකම් සහතික කරන ප්‍රතිපත්ති ‍හඳුන්වා දෙමින් ජාතික මට්ටමේ දී අපට මෙය තහවුරු කළ හැකිය.

එවිට කාන්තාවන් වශයෙන්, අපට වඩා නිර්භීතව හා වඩා අධිෂ්ඨානවත්ව කටයුතු කළ හැකිය. මම නිතරම ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවලදී මගේ සමාගම නියෝජනය කරන්නෙමි. සෑම විටම පාහේ ප්‍රේක්ෂාගාරය පිරී පවතින්නේ පුරුෂයින්ගෙනි. නමුත් මම මගේ කතාව ඉදිරිපත් කරන විට, එය ස්ත්‍රී කේන්ද්‍රීය වේදිකාවකි. එක්තරා අයුරකින් එය මට මායිමක් තනා දෙන අතර, මගේ විෂයය පථය වඩා නිවැරදිව මා දන්නා බව සහතික කර ගන්නට ඉන් මට අවකාශයක් ලැබේ. කාන්තාවන් කිසි විටෙකත් පුරුෂයින්ට පසුපස අසුන්වල අසුන්ගත යුතු නැත - අප උගත යුත්තේ අප වෙතම හැරී බැලිය යුත්තේ කෙසේ ද යන්නයි.


Authors

Seshika Fernando

Seshika Fernando - Associate Director - Financial Solutions at WSO2.

Join the Conversation

The content of this field is kept private and will not be shown publicly
Remaining characters: 1000