“ශ්‍රී ලාංකීය දරුවන් මාර්ගගත(Online) පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමට අනතුරුදායක තරණයක”මෙය අල් ජසීරා විසින් මෑතකදී ප්‍රකාශකළ ලිපියක ප්‍රධාන සිරස්තලයකි. මේ හා සමාන තවත් බොහෝ ලිපි මෙන් මෙම ලිපියද සමාජ මාධ්‍යවල සැරිසරන ඡායාරූප සමූහයකට ප්‍රතිචාරයක් ලෙස ලිය වුන එකකි. ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ප්‍රදේශවල දරුවන් වඩාත් පැහැදිලි අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීමේ අරමුණින් තම ගම්මානවල තිබෙන උසම ස්ථාන කරා ගොස් ඉතාමත් අනතුරුදායක ලෙස ගස් අතුවල හා ගල් පර්වත මත වාඩි වී සිටින ආකාරය දැක්වෙන මෙම ඡායාරූප වසංගත කාලයේදී මාර්ගගත අධ්‍යාපනය ලබාගැනීමේදී සමහර දරුවන් මුහුණ දෙන දුෂ්කරතාව මනාව නිරූපණය කෙරේ.
ඒ සමඟම තවත් ඡායාරූප සමුහයක් සංසරණය වුවද එය සංසරණය වුයේ පැහැදිලිව වෙනස් හේතු පදනම් කර ගෙනය. ඝනට වැඩුණු වෘක්ෂ වනාන්තර සහ කඳු බෑවුම් හරහා ගමන් කරමින් ළඟා වීමට අතීශය දුෂ්කර ප්‍රදේශවල ජිවත් වන මිනිසුන්ට ජීවිත ලබා දීමට ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවකයින් කොවිඩ් මර්දන එන්නත් රැගෙන යන අයුරු එම ඡායාරූප වලින් පෙන්නුම් කරන ලදී.
වසංගතයට එරෙහිව දක්වන මෙම සත්‍ය ලෝකයේ ප්‍රතිචාර මානව ප්‍රාග්ධනයේ ඇති මහිමය පිළිබඳ බොහෝ දේ කියාපායි. ශ්‍රී ලංකාවේ සතු වටිනාම වත්කම එහි වෙසෙන ජනතාව බව නිසැකව ඔප්පු කර පෙන්වන මෙම සිද්ධීන් වෙනකක් නොව කැපවීමේ, අළුදූලී මතින් නැවත නැගි සිටීමේ සහ නොපසුබට උත්සාහයේ කතාන්දර වේ.
අනෙකුත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මෙම වසංගතය මඟින් වැදගත් ව්‍යුහාත්මක අභියෝග රැසක් ඉස්මතු කර පෙන්නුවේය. නිදසුනක් වශයෙන්, සේවා සැපයීමේ ක්‍රමවේදවල පවතින ඔරොත්තු දිමේ හැකියාවේ සහ සූදානම් බවේ සීමිත බව වසංගතය විසින් හෙළිදරව් කරන ලදී. එසේ වුවද, වසංගතය මඟින් නැවත ඇගයීමට, ප්‍රතිසංස්කරණය කිරීමට සහ නැවත සකස් කර ගැනීමට අද්විතීය අවස්ථාවක් ද ලබා දී ඇත.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, මානව ප්‍රාග්ධන සාධක එක්ව සළකා බැලීම වැදගත් වේ. මිනිසා තම ජීවිත කාලය පුරා රැස් කර ගන්නා දැනුම, කුසලතා සහ ඔහුගේ ශාරීරික හා මානසික තත්වය තුළින් මානව ප්‍රාග්ධනය සමන්විත වේ. මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම, ගුණාත්මක අධ්‍යාපනය සඳහා ඉඩකඩ සලසා දීම සහ ඔවුන්ගේ ජීවිතයේ විවිධ කඩඉම් වලදී පවුල්වලට සහ පුද්ගලයන්ට සමාජීය සහයෝගය ලබා දෙන සේවාවන් සඳහා ආයෝජනය කිරීම මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම යන්නෙන් අදහස් කෙරේ. අර්බුදකාරී කාලවලදී පිඩාවට ලක්විය හැකි ජනතාවට සහන සැලසීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කඩිනමින් මැදිහත්විය හැකි ක්‍රමවේදයන් සැකසීම ද එයින් අදහස් වේ.
පොදු සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් කළ ආයෝජනය මඟින් විශ්මිත ප්‍රතිඵල ලබා දී ඇත. සෞඛ්‍ය ආරක්ෂණ දර්ශක වල ඉහළම ස්ථානයක සිටීම, පෝලියෝ සහ මැලේරියාව වැනි වසංගත රෝග සාර්ථකව තුරන් කිරීම මෙන්ම අවුරුදු 20 වැඩි ජනගහනයෙන් 89% කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම ඒ අතර වේ. පුදුමයට කරුණ නම්, සෞඛ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5 % ක් තරම් ප්‍රමාණයක් වන අතර එය දකුණු ආසියානු රටවල සාමාන්‍යයට වඩා අඩු අගයකී.
අවම ආයෝජනයකින් රටක් වශයෙන් ඉහළ ප්‍රමිතීන්ට ළඟා වී තිරසාරව පවත්වා ගෙන යාම ප්‍රශංසනීය වුවද මෙම ක්‍රමවේදය වැඩිකල් මත්තෙන් නව අභියෝගවලට මුහුණ දෙනු ඇත. ජනගහනය වයෝවෘද්ධ වෙමින් පවතින අතර, 2035 වන විට සෑම ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවනු ඇත. දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග රට තුළ රෝගාබාධ හා මරණ සඳහා ප්‍රධානතම හේතුව බවට වේගයෙන් පත්වෙමින් තිබේ. මෙසේ වෙනස්වන අවශ්‍යතා සහ ප්‍රමුඛතා වලට හැඩගැසීමට සහ ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය සේවා පද්ධතියට තවදුරටත් ආයෝජන අවශ්‍ය කෙරේ.
ජනගහනය වයස්ගත වීම පවුල් ඒකකයට ද බලපානු ඇත. පවුල් ව්‍යුහයන් සහ සාම්ප්‍රදායික සමාජ ආධාරක පද්ධති වෙනස් වන විට, ශ්‍රී ලාංකික පවුල්වලට, විශේෂයෙන්ම කාන්තාවන්ට තම නිවසින් බැහැර වැඩි සහයෝගයක් අවශ්‍ය වනු ඇත. කාන්තාවන් අතර අධ්‍යාපනීක වශයෙන් ඉහළ සාධනීය මට්ටමක් ළඟාකර ගත්තද 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පුරුෂ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 72% ක තරම් වු අගයක් සමඟ සැසදේදීමේ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 32% ක තරම් වු පහළ අගයක් විය. ජනගහනය වයස්ගත වන විට, ළමා හා වැඩිහිටි රැකවරණය යන දෙඅංශයේම බර දරා ගැනීමට කාන්තාවන්ට සිදු විය හැකිය. ළමා රැකවරණ සහයෝගය සහ සමාජ සුබසාධන සේවා සම්බන්ධයෙන් පවුල් මත වන පීඩනය ලිහිල් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වනු ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ප්‍රගතිශීලී වෙනස්කම් අවශ්‍ය කෙරේ. අධ්‍යාපනයේ අසමානතාවයන් මාර්ගගත ක්‍රමවේදයෙන් ඔබ්බට විහිදෙන අතර ග්‍රාමීය දරුවන් මුහුණ දෙන අන්තර් ජාල සම්බන්ධතා පිළිබඳ ගැටළු හුදෙක් පුළුල් වපසරියක විහිදෙන ගැටලුවක එක් ලක්ෂණයක් පමණි. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා ගෝලීය සාධන අනුපාතයට ආසන්න වුවද, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධ සැළකිය යුතු විෂමතා පවතින අතර, විවිධ ආදායම් මට්ටම් සහ භූගෝලීය ප්‍රදේශවලට අනුව ළමුන්ගේ ඉගෙනුම් ප්‍රතිඵලවල ද වෙනස්කම් දක්නට ලැබේ.
2020 මානව ප්‍රාග්ධන වාර්තාව සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වසර ප්‍රමාණය අවුරුදු 13.2 ක් වුවද, පාසැල් අධ්‍යාපනයේ ඉගෙනුම් ගැලපුම් වසර ප්‍රමාණය අවුරුදු 8.5කි. මේ තුළින් වසර 4.7ක ඉගෙනුම් කාලයක් අහිමි වන අතර එම අගය දකුණු ආසියාවේ ඉහළම අගය වේ. වසංගතය හේතුවෙන් දීර්ඝ කාලීනව පාසල් වසා දැමීම් නිසා මෙම අහිමි වීම තවත් උග්‍ර වනු ඇතැයි උපකල්පනය කිරීම උචිතය. අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වයෙන් 1.7% ක් ) දකුණු ආසියානු රටවල සාමාන්‍ය අගයට වඩා අඩු වන අතර, අධ්‍යාපනයේ සෑම අංශයකම ආයෝජන වැඩි කිරීමෙන් රටට ලැබිය හැකි ප්‍රතිලාභ අතිමහත්ය. මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩි කිරීම, ප්‍රාථමික හා ද්විතීයික පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සහ උසස් අධ්‍යාපනයේ දිශානතිය වෙනස් කිරීම මඟින් නිසි කලට නිසි අයුරින් අධ්‍යාපනය නොලැබීම නිසා සිදුවන පාඩුව මඟ හරවා ගැනීමටත් අධ්‍යාපන ප්‍රතිඵල වැඩිදියුණු කිරීමටත් අවස්ථාව සැලසේ.
විධිමත් අධ්‍යාපනයෙන් ඔබ්බට, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වන ආයෝජන මගින් රැකියා නියුක්තිය වැඩි කිරීමට සහ විකල්ප අවස්ථා ප්‍රවර්ධනය කිරීමට හැකි වේ. පසුගිය වසර දෙක තුළ අරම්භ කළ බොහෝ දේශීය ව්‍යාපාර, ගෘහ ආශ්‍රිත ව්‍යාපාර සහ මාර්ගගත සේවාවන් ශ්‍රී ලංකාවේ සහජ දක්ෂතාවය සහ නිර්මාණාත්මක හැකියාවන්ට කදිම සාක්ෂියකි. ස්වයං රැකියා ජනිත කිරීමට සහ ව්‍යවසායකත්වයට දිරිදීම තුළින් ශ්‍රී ලංකාව වෙනස් කිරීමේ තීරක බලවේගයන්ට නව දොරටු විවර කරනු ඇත. සමෘද්ධි වැඩසටහන හරහා දරිද්‍රතාවයෙන් මිරිකුණු සහ වඩාත් පිඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය කර ගෙන යාමට පුළුල් සහ ඉලක්කගත සහන සැලසිම මෙයට ඇතුළත් වේ.
වසංගත තත්වයෙන් නැවත යථාතත්වයට පත් වීමට, ඉලක්කගත හා සෑම ක්ෂේත්‍රයක්ම සම්බන්ධ කරගත් ආයෝජනයන් මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම සඳහා සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකී. මිනිසුන් වෙනුවෙන් ආයෝජනය කරන්න, විශේෂයෙන්ම යහපත් ජිවිතයක් වෙනුවෙන් ගිරි ශිඛිර හා දෙගොඩ තලා යන නිම්න තරණය කරන මිනිසුන් වෙනුවෙන් ආයෝජනය කරන්න සහ අන් අයට උපකාර කරන්න යන්න වසංගතයෙන් ශ්‍රී ලංකාවට කියා දෙන පාඩම වේ.
එය ඇත්තෙන්ම ඵලදායී ආයෝජනයකී.
Join the Conversation