ම‍ෙය ශ්‍රී ලාංකික කාන්තාවට “දියුණුව පි‍ණිස වැඩ කිරීමට“ කාලයයි.

This page in:

 

Wb Role-model Web-poster-blog
මාර්තු 8වන දින, එනම් අද දින පටන් ලෝක බැංකු වේ අප සැම රජය, අපගේ සංවර්ධන හවුල්කරුවන්, පුද්ගලික අංශය සහ මහජනතාව හා එක්ව, වසරක් මුළුල්ලේ කර්තව්‍යයන් ප‍ෙළ ගස්වමින් ශ්‍රී ලාංකීය කාන්තාව වෙත සැබැවින්ම ප්‍ර‍තිඵල හිමිකර ද‍ෙන්නේ ක‍ෙසේ දැයි විමසා බලන්න‍ෙමු.  

ජාත්‍යන්තර කාන්තා දිනය සෑම කලකම මාගේ දින දසුන‍ෙහි සුවිශේෂී සලකුණකි. ම‍ෙවර එහි තේමාව වන ‘#දියුණුව පිණිස වැඩ කරමු’ යන්න උද්යෝගය දනවන්නක් නොවේ ද?
මාර්තු 8වන දින, එනම් අද දින පටන් අප ලෝක බැංකුව‍ මගින් සමාරම්භය ලබන මෙම වැඩසටහන, රජය, අපගේ සංවර්ධන හවුල්කරුවන්, පුද්ගලික අංශය සහ මහජනතාව හා එක්ව, වසරක් මුළුල්ලේ කර්තව්‍යයන් ප‍ෙළ ගස්වමින් ශ්‍රී ලාංකීය කාන්තාව වෙත සැබැවින්ම ප්‍ර‍තිඵල හිමිකර ද‍ෙන්නේ ක‍ෙසේ දැයි විමසා බලන්න‍ෙමු.

කඩිනම් අවශ්‍යතාවය කුමක් ද?

සරලව ගත් කල, සේවා නියුක්තික කාන්තාවන් අංශයෙන් ශ්‍රී ලංකාව ගමන් කරන්නේ එහි සංවර්ධන කලාපයේ අන‍ෙකුත් රටවලට පසුපසිණි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් අතුරින් 214,298 ප්‍ර‍මාණයක් විරැකියාව‍ෙන් පසුවන බව ඔබ දන්නවා ද? පසුගිය දශක දෙක මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍ර‍ම බලකා සහභාගීත්වය සියයට තිස් ගණන්වල පවතින්නේ ගණනය කර ඇති “ආර්ථික වශයෙන් අක්‍රීය“ මිලියන 7.3ක ජන සංඛ්‍යාවක් අතුරින් 73.8% ප්‍ර‍මාණයක් කාන්තාවන් බව වාර්තා වන පසුබිමක ය. පුරුෂයන් විෂයෙයහි එය යන්තමින් 26.2%ක අගයකි.

ඕනෑම එක් අමාත්‍යංශයකට, සංවර්ධන හවුල්කරුවකුට හෝ කලාපීය කාර්යාලයකට මෙය අභිමුඛ විය නොහැකි අභියෝගයක් බවට අටුවා ටීකා අනවශ්‍ය ය.

නමුත් ශ්‍රී ලාංකික කාන්තාවන් සේවයට එක් විය යුත්තේ ඇයි?

ඒ රටෙහි සෞභාග්‍යය ඒ මත පදනම් වන නිසා ය. ශ්‍රී ලංකාව පොහොසත් වීමට ප්‍ර‍ථමය‍ෙන් වියපත් වන රටකි. නිසි ශ්‍ර‍ම බලකායක් නොමැතිව රටට තරඟකාරී විය නොහැකි අතරම අපේක්ෂිත ආදායම ජනනය කිරීමට අවශ්‍ය මූලික සේවාවන් ලබා දීමට ද නොහැකි ය.

එසේ නම් ගැටළු වනුයේ, ශ්‍රී ලාංකික කාන්තාවන්ට ව‍ෙනසක් ළඟා කරලනු පිණිස කුමක් අවශ්‍ය වේ ද? අභියෝගයන් කවරේ ද? කාන්තාවන්ට ප්‍ර‍තිලාභ හිමි වන අන්දමේ ව‍ෙනසකට ශක්තියක් වීමට හැකියාව සහිතව උද්යෝගීමත්ව සිටින්නන්ට අපගේ සහය ලබා දිය හැක්කේ ක‍ෙසේ ද?

ලෝක බැංකුව, රජය, පුද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන්, සහ ශ්‍රී ලාංකික පුරවැසියන් සමග අත්වැල් බැඳ ගනිමින් මිහිපිට සත්‍යයට ආමන්ත්‍ර‍ණය ක‍ෙර‍ෙන සැබෑ ප්‍රාරම්භයන්ට සහය වීමට සූදානමින් පසු වෙයි. අපි පුළුල් ලෙස උපදෙස් සැපයීමට බලාපොරොත්තු වෙමු.

ඉතින්, වැදගත් දැනුම් දීම් කිහිපයකින් පටන් ගනිමු. අපට ඔබග‍ෙන් ඉගනගැනීමට අවශ්‍යව ඇත. කියන්න, අප ආරම්භ කළ යුත්තේ කොතැනින් ද සහ කවර සුවිශේෂී  කරුණු කෙරෙහි අවධානයක් යොමු කළ යුතු ද කියා. ඔබට ඇති අභියෝග මෙන්ම ඔබව වැඩි වශයෙන්ම දිරි ගැන්වූයේ කවුරුන් ද යන්නත් අපට දැන ගැනීමට අවශ්‍යව ඇත.
 


ක්‍ර‍ම වේදයන් 3ක් ඔස්සේ ‘#දියුණුව පිණිස වැඩ කරමුහා සම්බන්ධවීමට  ඔබට පුළුවන.
 

  1. අපගේ සමීක්ෂණයට පිළිතුරු දී ඔබගේ කතාව අප හා බ‍ෙදා ගැනීම‍ෙන්. ප්‍ර‍ශ්න 10ක් ද සමගින් සමීක්ෂණය ස්ත්‍රී පුරුෂ ද‍ෙපාර්ශවයට ම විවෘත ය. සංවර්ධනය හවුල්කාරීත්වයක් වන අතර අපට පුරුෂ පාර්ශවයේ සහයෝගය දැනුවත් කිරීම් සහ ක්‍රියාත්මක වීම් පිණිස අවශ්‍ය ය. ඔබගේ පිළිතුරු කාන්තාවන් සේවයට එක් කර ගත හැක්කේ ක‍ෙසේ  ද යන්න පිළිබඳ ප්‍ර‍තිපත්ති සම්පාදකයන් දැනුවත් කිරීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය හා සාකච්ඡා පැවැත්වීම පිණිස යොදා ගනු ලැබේ.

 

  1. සාර්ථකත්වය නිරන්තරය‍ෙන් ම එය ළඟා කරගැනීමට තනි පුද්ගලයන් තුළ සැඟව පවත්නා අභිරුචිය හා පරමාදර්ශ චරිත තුළින් ඉගෙනීමට ඇති කැමැත්ත සමග බැඳී පවතී. ඔබගේ පරමාදර්ශ කාන්තා චරිතය කවු ද? ඡායාරූපයක් සමගින් ඔබගේ කටයුතු දිරිමත් කළ පරමාදර්ශ කාන්තා චරිතය පිළිබඳ වාක්‍යය කිහිපයකින් කැටි කොට අපගේ ‘ඔබගේ පරමාදර්ශ කාන්තා චරිතය කවු ද?’ ඡායාරූප තරඟය ව‍ෙත යොමු කරන්න.

 

  1. අවසාන වශයෙන්, අපි ඔබට ඇහුම්කන් දීමට කැමැත්තෙන් හිඳිමු! අපගේ ආරාධිත බ්ලොග්කරුව‍ෙක් ල‍ෙස ඔබගේ අදහස් අප හා හුවමාරු කරගන්න. ඔබගේ පුද්ගලික තොරතුරු සහ අදහස් සමගින් infosrilanka@worldbank.org ඔස්සේ අපට ලියන්න.  අපගේ මීළඟ ආරාධිත බ්ලොග්කරුව‍ා වන ශෙෂිකා ප්‍ර‍නාන්දු තාක්ෂණ ක්ෂේත්‍ර‍යට සම්බන්ද කාන්තාවක් වශය‍ෙන්, ලෝක මට්ටමේ නිෂ්පාදනයක් ඉදිරිපත් කරනු පිණිස බහුවිධ පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායම් එක්වී කටයුතු කළ යුතු බව යන්න පිළිබඳ ඇයගේ අත්දැකීම් ඇසුර‍ෙන් කතා කරනු ඇත.

 
කරුණාකර අප හා එක්වන්න. දායකත්වය දැක්වීමට හැකි යැයි ඔබට හැගෙන අය අතර ම‍ෙය පුළුල්ව බ‍ෙදා හරින්න. අපට එක්ව වැඩ කිරීමට අවශ්‍යව ඇත්තේ කාන්තා ශ්‍ර‍ම බලකා සහභාගීත්වය‍ෙහි වෙනසක් සිදු කළ හැක්කේ සංවිධානගත, ප්‍ර‍බල ප්‍රවේශයක් තුළින් පමණක් වන බැවිනි.

ඔබ ම‍ෙම අර්බුදය පිළිබඳ සැලකිලිමත් ව සිටියේ නම් පැවති රජයන්, කාන්තාවන් ආරක්ෂිත හා සාධාරණ වැටුප් සහිත රැකියාවන්ට සම්බන්ධ වීම ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාග‍ෙන කටයුතු කළ බව දැන සිටිනු ඇත. ලෝක බැංකුව ඇතුළු අන‍ෙකුත් සංවර්ධන හවුල්කරුවන් මේ උද‍ෙසා ආයෝජන සිදු කොට තිබේ. වාර්තා කිහිපයකට ස්තුති වන්නට පැමිණිය හැකි අභියෝග මොනවා ද යන්න පිළිබඳ අප වෙත අවබෝධයක් ඇත.

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් ශ්‍රම ව‍ෙළඳපලට පැමිණීමට සහ රැඳී සිටීමට ප්‍ර‍තිරෝධීව ඇති  යල් පැන ගිය ව්‍යවස්ථාවන් සහ ප්‍ර‍තිපත්ති ප්‍ර‍තිසංස්කරණයට ලක් කිරීමට අවශ්‍යව ඇත.  ඊට තරුණියන් තුළ විද්‍යාව සහ ගණිතය වැනි විෂයයන් පිළිබඳ උනන්දුව ඇති කිරීම අවශ්‍ය වන අතර ඔවුන් ද පිරිමි ළමුන් ම‍ෙන් ම හැකියාව සහිත පිරිසක් බවත් ඔවුන්ට ද ඉංජිනේරු ශිල්පය, විද්‍යාත්මක පර්යේෂණයන්, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර‍යන්හි වෘත්තිමය තත්ත්වයන් ගොඩනගා ගත හැකි බවත් ඒත්තු ගැන්විය යුතු ය.

සේව්‍ය පක්ෂය ද ම‍ෙම කතාබහට සම්බන්ධ ව‍ෙමින් කාන්තාවන් සේවයට බඳවා ගැනීම සහ සම තත්වයේ රැකියා සඳහා පුරුෂයන් හා සමානවම වැටුප් ග‍ෙවීම හරහා සේවාස්ථානයන්හි විවිධත්වය ඇති කරනු පිණිස සහය වීම අවශ්‍ය වේ. කාන්තාවන්ට ආරක්ෂිත ප්‍ර‍වාහන සේවා හිමිවිය යුතු අතර රැකියා ස්ථානයන්හි ලිංගික අතවරයන්ට ලක් වීම කිසිසේත්ම සිදු නොවිය යුතු ය. ඉහළ ගුණාත්මක ළමා සුරැකුම් සේවයක් කුඩා දරුවන් සහිත කාන්තාවන්ට ඔවුන්ගේ කැමැත්ත ඇත්නම් සේවය පිණිස යාම‍ෙහි ඉඩකඩ නිර්මාණය කරනු ඇත.

නිවසේ දී, පවුල තම ගැහැණු දරුවන් අනාගත වෘත්තීයවේදිනියන් ල‍ෙස දැකීම අවශ්‍ය ව ඇත. ගෘහස්ථ වගකීම් පුරුෂයා හා කාන්තාව අතර සාධාරණ ල‍ෙස බ‍ෙදා ගත යුතු ය.

අවසාන වශයෙන්, අවස්ථාවක් ලදහොත්, කාන්තාවන්ට ඔවුන් දකින්නට කැමති වෙනස සදහා වෙනස්කම් සිදු කරන්නට ඉඩ ලැබිය යුතු ය. කාන්තාවන් හෝ පුරුෂයන් වුව, ඔවුන්ට පෙර මග පෙන්වන්නන්, කාන්තාවන්ට සේවා ස්ථානයේ සිය හැකියාවන් පිළිබඳ වටහාගන්නට ඉඩ සළසා දෙන පුද්ගලයින් ලෙස කටයුතු කළ යුතු ය. මෙම අදහස ‘#දියුණුව පිණිස වැඩ කරමු’(Press for Progress) උද්යෝග පාඨය සමග පැමිණෙන්නන්ගේ මනස‍ෙහි වැඩී නැගෙන්නක් වනු ඇත. පෞද්ගලිකව මැදිහත් වෙමින්, මා එලඹ‍ෙන වසර පුරාම විවිධ ලේඛණ හරහා කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගීත්වය පිළිබඳ දැනුවත් කරන්න‍ෙමි. ඔබට  මා හා සම්බන්ධ විය හැකි බව ද එසේ සම්බන්ධ වනු ඇති බව ද මාගේ බලාපොරොත්තුවයි.


Authors

Idah Z. Pswarayi-Riddihough

Country Director, Mozambique, Madagascar, Mauritius, Comoros and Seychelles

Join the Conversation

The content of this field is kept private and will not be shown publicly
Remaining characters: 1000